ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවෙමින් ගෙවීගිය දිනය තුළ ආසාදිතයන් 93,337ක් සහ මරණ 1,247ක් වාර්තා වී තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 5.3ක් ලෙස මේ වනවිට සඳහන් කර අතර, සමස්ත මරණ සංඛ්‍යාව 85,619ක් බව කියයි.
සති පහකට වැඩි කාලයක් පුරා ඉන්දියාව සෑම දිනකම ලෝකයේ ඉහළම දෛනික ආසාදිත වර්ධනය වාර්තා කරයි.
එක්සත් ජනපදය අභිභවා සති කිහිපයකින් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට ඉන්දියාව පත්වනු ඇති බව විදෙස් විශ්ලේෂකයෝ පවසති.