බටහිර ඉන්දියාවේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජීවිත රැසක් අහිමිව ඇති බවත්, ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ජාතික ආපදා ප්රතිචාර බලකායේ සාමාජිකයන් විසින් ජීවිත බේරාගැනීමට දැඩි පරිශ්රමයක් දරන බවත් විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව ගංවතුර හා නායයෑම්වලින් කොටු වී සිටින දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ප්රවාහනය කිරීමේ කටයුතු මේ වනවිටත් අරඹා ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.
මහාරාෂ්ට්ර ප්රාන්තයේ මෝසම් වැසි හේතුවෙන් සිදුවූ නායයෑම්වලින් පමණක් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් ඇති බව කියයි.