ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (28දා) උදෑසන වනවිට මිලියන ලක්ෂ 60ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
මේ වනවිට ඉන්දියාවේ වෛරසය ආසාදිතයන් 94,503 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආසාදිත මරණ සංඛ්‍යාවද පසුගිය කාලයේදී 1,000 ඉක්මවා ඉන්දියාවෙන් වාර්තා විය.
කෙසේ වෙතත් ලෝකයේ වෛරසය ආසාදිතව සුවවූවන් වැඩිම වාර්තා වන රටද ඉන්දියාව වන අතර, මේ වනවිට ලක්ෂ 50කට ආසන්න පිරිසක් සුවය ලබා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පවසයි.