ඉන්දියාවේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් මිලියන 3ක සීමාව ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙසේ රෝගීන් මිලියන 3ක් බවට පත්ව ඇත්තේ, රෝගීන් මිලියන 2 ඉක්මවා දින 16කට පසුව වීමද විශේෂත්වයකි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද යාවත්කාලීන කිරීමකින් හෙළි වූයේ සමස්ත මරණ සංඛ්‍යාව 56,706ක් බවයි. පසුගිය පැය 24 තුළ රට තුළ නව ආසාදිතයන් 70,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
අමාත්‍යාංශ සංඛ්‍යාලේඛනවලට අනුව බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.