නව කොරෝනා වෛරසය ආසාදිතයන් දිගින් දිගටම ඉහළ යමින් තිබියදී, ඉන්දියාව විසින් ප්‍රථම වරට කාශ්මීරයේ ඉන්දීය පරිපාලන කලාපයේ හිමෙන් වැසුණු කඳුකරයේ පිහිටි අමර්නාත් හි හිමාලයානු ගුහා දේවස්ථාන වන්දනාව අවලංගු කර තිබේ.
බදාදා දිනයේ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව පැය 24ක කාලයක් තුළ ආසාදිතයන් 37,724ක් වාර්තා වී සමස්ත ආසාදිතයන් මිලියන 1.2කට සීමාවේ පසුවන පසුබිමක ඉන්දියාව මෙම ඓතිහාසික වන්දනාව සම්බන්ධ දැඩි තීරණය ගෙන ඇති බව කියයි.
මෙම වන්දනාව සඳහා කාශ්මීරයේ ඉන්දීය පරිපාලනය විසින් මුලින් අවසරදී තිබුණත්, එය රජයේ කොරෝනා වෛරස අගුලු දැමීමේ ප්‍රතිපත්තියට පවා පටහැනි බවට චෝදනා එල්ල විය.
ඉන්දියාව පුරා වන්දනාකරුවන් සිය දහස් ගණනක් පැමිණෙන වාර්ෂික අමරනාත් යාත්‍රාව (ගමන) සාමාන්‍යයෙන් ජූලි 21දා ආරම්භ වීමට නියමිතව තිබුණි. මුලින් කියවුණේ වසංගතය හේතුවෙන් එය සති දෙකකට සීමා කරන බව වුවත්, දැන් එය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.