ඉන්දියාව අද (08දා) දිනයේදී ප්‍රාන්ත 33ක් සහ බලප්‍රදේශ ඇතුළු රට පුරා කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් ලබාදීමේ අත්හදා බැලීමක් සිදුකරන බව පවසයි.
"අපි එන්නත බෙදා හැරීමේ අවසන් අදියරේ සිටිනවා" යැයි සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් පැවසීය. "එන්නත් දෙකක් ඒවා මහජනයාට ලබා ගත හැකි අවධියේ පවතිනවා."
මීට පෙර දෙසැම්බරයේ ප්‍රාන්ත හතරක් පුරා සිදුවූ එන්නත් ලබාදීමේ අභ්‍යාසයකින් ලැබූ ප්‍රතිපෝෂණ, මෙම රටපුරා සිදුකරන අත්හදා බැලීම් සඳහා යොදා ගන්නා බව වර්ධන් පැවසීය.
පළමු අදියරේදී මිලියන 20ක සෞඛ්‍ය සේවා සහ ඉදිරිපෙළ සේවකයන් එන්නත් කිරීමටත්, වයස 50ට වැඩි මිලියන 270ක ජනතාවටත්, දෙවැනි අදියරේදී සහසම්බන්ධතා ඇති පුද්ගලයින්ටත් එන්නත් කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, ලොව දෙවැනි වැඩිම කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට ඉන්දියාව වන අතර, මේ වනවිට එරටින් ආසාදිතයන් මිලියන 10.4ක් පමණත්, ආසාදන ආශ්රිත මරණ 150,000ක් ඉක්මවාද වාර්තා වෙයි.