ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) විසින් රට තුළ ප්‍රථම වරට නිපදවන ලද වේගවත් කොරෝනා වෛරස පරීක්ෂණ කට්ටලය සඳහා අනුමැතිය හිමිව තිබේ.
දිල්ලි නුවර ඔස්කාර් මෙඩිකෙයා සමාගම පැවසුවේ 97.66%ක සංවේදීතාවකින් යුතු වේගවත් පරීක්ෂණ කට්ටලයක් නිපදවා ඇති අතර, එය ICMR හි 93%ක සංවේදීතාවයට වඩා ඉහළ අගයක් ගන්නා බවය. එහිදී ICMR හි 95%ක අවශ්‍යතාව සමග සැසඳීමේදී මෙහි 99%ක නිශ්චිතතාවක් ඇති බව ඔස්කාර් ප්‍රධාන විධායක ආනන්ද් සේක්රි පැවසීය.
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව එරට තුළ මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතයන් 3,234,474 දෙනෙකු සිටින අතර, බදාදා වනවිට මිලියන 37කට අධික පරීක්ෂණ ප්‍රමාණයක් පවත්වා තිබේ. ඉන්දියාවේ වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛයාව 59,449කි.