ඉන්දියාව අඛණ්ඩව පස් වැනි දිනටත් දෛනික කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ වාර්තාගත වර්ධනයක් ගෙවීගිය දිනයේ පැය 24 තුළ වාර්තා කර ඇති අතර, මරණ සංඛ්‍යාවද සර්වකාලීන ඉහළම අගයට පැමිණ තිබේ.
ඒ අනුව ඉන්දියාව නව ආසාදිතයන් 352,991ක් සමග ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය මිලියන 17ක් ඉක්මවා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව, ආසාදිත මරණ 2,812කින් ඉහළ ගොස් 195,123ක් දක්වා වර්ධනය වී තිබේ.