ඉන්දියාවේ ගෙවීගිය දිනයේ පැය 24ක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයන් 323,023ක් වාර්තා කර ඇති අතර, මෙය පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ අගයට වඩා ආසාදිතයන් වාර්තා වීමේ යම් අඩුවීමකි.
එනමුදු අඛණ්ඩව ආසාදිත අගය තවදුරටත් ලක්ෂ 3ක සීමාව ඉක්මවා ඇති අතර, මේ සමග සමස්ත ආසාදිත අගය 17,636,307ක් ලෙස සටහන් වෙයි.
එමෙන්ම ගෙවීගිය දිනයේ ඉන්දියාවෙන් කොවිඩ්-19 ආශ්රිත මරණ 2,771ක් වාර්තා වී ඇති අතර, මේ සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 197,894ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් ඉන්දියාවේ සමස්ත ආසාදිත අගයන් මෙන්ම, මරණ සංඛ්‍යාවද මීට වඩා වැඩිවිය හැකි බවට එරට මෙන්ම විදේශයන්හිද බොහෝ විශේෂඥයන් අනතුරු අඟවන්නේ, ආසාදන හා මරණ සත්‍ය අගයන් වාර්තා නොවන බව පවසමිනි.