ඉන්දියාවේ දෛනික කොරෝනා වෛරස ආසාදන අඟහරුවාදා දිනය වනවිට අවම මට්ටමට වැටී ඇති අතර, එම ගෙවීගිය පැය 24 ක් තුළ ආසාදිතයන් 29,163ක් වාර්තා වී තිබේ.
මේ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 8,874,290ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් ඉන්දීයාවේ දිල්ලි අගනුවර තුන්වැනි රැල්ලකට මුහුණ දී ඇති අතර, ආසාදන වාර්තාගත ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් භූෂාන් අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ අනුව දිල්ලියේ ආසාදන වැඩිවීමට රජය ප්‍රතිචාර දක්වන්නේ දැඩි සත්කාර ඇඳන් ඇතුළු රෝහල් ඇඳන් වැඩි කිරීම, දිනකට පරීක්ෂණ 100,000 සිට 120,000 දක්වා දෙගුණ කිරීම, සම්බන්ධතා සොයා ගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී ඇතැම් කලාප අගුලු දැමීම කෙරෙහි අවධානය යොමු කරමිනි.
දිල්ලියේ මේ වනවිට අගුලු දැමූ කලාප 4,000කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර, දැඩි අගුලු දමා ඇති කලාප උණුසුම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇත.