ඉන්දුනීසියාවේ බටහිර සුලවේසි ප්‍රදේශයේ රික්ටර් පරිමාණ 6.2ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආපදා අවම කිරීමේ ආයතනය පවසයි.
දේශීය වේලාවෙන් අද අලුයම 2.18ට පමණ භූමිකම්පාව බටහිර සුලවේසි අගනුවර වන මාමුජු සිට කිලෝ මීටර් 36ක් දකුණට හා කිලෝ මීටර් 18ක් ගැඹුරට බලපෑ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
දකුණු සුලවේසි පළාතේ මැජෙනේ දිස්ත්‍රික්කයේ සහ මාමුජු දිස්ත්‍රික්කයේ රෝහල් සහ කාර්යාල ගොඩනැගිලි විනාශ වූ බවද ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
හානියට පත් නිවාස හා ගොඩනැගිලිවලට පුද්ගලයන් විශාල පිරිසක් සිරවී ඇති අතර, ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.