ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ගුවන් ගත වූ සැණින් අතුරුදන් වූ බෝයිං 737 මගී ගුවන් යානය මුහුදට කඩා වැටී ඇතැයි විශ්වාස කරන ස්ථානය සොයාගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
බටහිර කාලිමන්තන් පළාතේ පොන්තියානාක් බලා යන ගමනේදී මිනිත්තු හතරකින් පසුව රේඩාර් තිරයෙන් අතුරුදන් වන විට ශ්රීවිජය එයාර් ජෙට් යානයේ 62 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
මේ වනවිට මෙම මගී ගුවන් යානයේ කළු පෙට්ටියෙන් යැයි සිතන සංඥාවක්ද සොයාගෙන ඇති අතර, නාවික කිමිදුම්කරුවන් සමග නැව් 10කට වැඩි ප්රමාණයක් මේ වනවිට එම ප්රදේශයට යොදවා තිබේ.
"අපි අවස්ථා දෙකකින් සංඥා සොයාගෙන තිබෙනවා. මෙය කළු පෙට්ටිය විය හැකියි" යැයි ඉන්දුනීසියාවේ සෙවුම් සහ ගලවා ගැනීමේ ඒජන්සියේ ප්රධානී බගුස් පිරුහිටෝ පැවසීය.
රෝදයක් ඇතුළුව යානයෙන් සුන්බුන් යැයි විශ්වාස කරන අයිතමයන්ද විමර්ශනය කරන්නන් විශ්ලේෂණය කරමින් සිටින බවද කියයි.
ජකර්තා පොලිසියේ ප්රකාශකයෙකු වන යුස්රි යූනුස් පැවසුවේ සෝදිසි හා ගලවා ගැනීමේ පිරිස් වෙත බෑග් දෙකක් හමුවී ඇති බවය.