හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායෙන් තවත් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 30 දෙනෙකු (13) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
හුදකලා කර ඇති නොර්වුඩ් ඉන්ජස්ට්‍රි වතු යායෙන් මිට ප්‍රථම අසාදිතයන් 56 දෙනෙකු හදුනාගත් බවත්, ඉන් අනතුරුව හුදකලා කර ඇති එම ප්රදේශයෙන්ලබාගත් පි.සි.ආර් පරික්ෂණ 200 කින් නව අසාදිතයන් 30 හමු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 281 දෙනෙකු හමු වි ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.