පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිදවනව කිව්ව අයත් එක්සත් ජාතික පක්ෂයත් අදවන විට කෑලි කෑලි වලට කෑඩීම හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයෙ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රණසිංහ මහතා කියා සිටියේය.
‘වෙනස්ව සීටිමට බිය නොවන්න ‘තේමාව යටතේ පළාත් පාලන නියෝජිතයින් හා අපේක්ෂකයින් දැනුවත් කිරිම සදහා මාතලේ - නාඋල දී ඊයේ (07)පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
මෙම අවස්ථාවේදී තවදුරටත් අදහස් දැක්වු හිටපු රාජ්‍ය අමාත්‍යවරයා,
‘ මේ රට විනාශයට ඇද දාන්න හන්ගලා ගහපු,යටින් ගහපු,උගුල් ගහපු මහා ලොකුවට කියා ගත්තු කොමිෂන් සභා යැයි කියලා පක්ෂ වලට ඡන්දෙ දෙන්න එපා කියලා මැතිවරණ කොමිෂන් සභාවල රිංගගෙන ඉන්න නියෝජිතයෝ ඉන්න, ඩයස්ෆෝරාවල අතකොළු ඉන්න, ඒවගේ කොමිෂන් සභා සංශෝධනය විය යුතුයි.
රටට ජාතියට හිතකර පනත් ගේන්න ඕනේ. එහෙමනම් 19 වැනි සංශෝධනය ඉවත් කිරිමට අපි කටයුතු කරන්නම ඕනේ . ඒ නිසා අපි සියලුදෙනා එකතු වෙලා මේ තුනෙන් දෙකේ බලයක් අරගෙන දෙන්න ඔබට තියෙන්නේ එක දෙයයි.
අපේ යුතුකම පොළොන්නරුවෙන් මංත්‍රි ධුර හතරක් යවන්න කටයුතු කරන එක. මාතලේ ඔබට තියෙන්නේ ජනක ඇමතිතුමත්,අපේ සහෝදරයා තිලක් බණ්ඩාර මැතිතුමත් ප්‍රමිත මල්ලිලත් එකතු වෙලා ඔබ සැමදෙනාම උපරිම වශයෙන් කැපවෙලා කටයුතු කළොත් අපිට හතරක් පාර්ලීමේන්තු යවන්න පුලුවන්”.
නාඋල - ඉන්දික අරුණ කුමාර