ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් මත මිලදී ගන්නා බස්රථ 500ක් ඉදිරි මාස කිහිපය ඇතුළත ලංකා ගමනාගමන මණ්ඩලයට එක්කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (05දා) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“ගමනාගමන මණ්ඩලය සතුව දැනට බස්රථ 5500ක් පමණ තිබෙන්නේ. සේවකයෝ 32,000ක් පමණ සිටිනවා. 2014 පසුව ලංකා ගමනාගමන මණ්ඩලයට බස්රථ ලබාගෙන නැහැ. වසරකට බස්රථ 550 - 600 අතර ප්‍රමාණයක් සේවයෙන් ඉවත් වෙනවා. වසර 15 - 20ට වඩා පැරණි බස්රථ 1500ට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ නිසා බස්රථ 500ක් ගෙනෙන්න අපි කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. ආසන 54 බස්රථ 400ක් සහ ආසන 35 බස්රථ 100ක් ගෙනෙන්න අපි ඇණවුම් කරලා තිබෙනවා. තව මාස කිහිපයක් ඇතුළත ඒ බස්රථ ලැබෙයි. එහෙම ලැබුණාම අපි හැම ඩිපෝවකටම ඒ බස්‘රථ බෙදලා දෙනවා* යනුවෙන් කියා සිටියේය.