දිවයිනේ නිරිතදිග ප්‍ර දේශයේ දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක දැක්වෙයි.
බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර දේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70-80 ක් දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.