Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
මෙම වසර තුල ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාත්,මහින්ද රජපක්ෂ මහතාත් ,මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක වේදිකාවේ සිට ඉදිරි ජනාධිපතිවරණයට නායකත්වය දෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පැවැසුයේ දවුලගලදි ඊයේ (30) පස්වරුවේ උඩුනුවර තේ ව්‍යාපාරික එකමුතුව විසින් පවත්වනු ලැබු උත්සවයකදිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා,
“රනිල් ජනාධිපති වුවහොත් ව්‍යාපාරිකයින් මේ රට අත් හැර යනවා නම් හොඳයි. ව්‍යාපාර සියල්ල ඉවරයි. මේ වසර 4 ඇතුලත කෙසෙල් ගෙඩිය විකුණන , අඹ ගෙඩිය විකුණන මිනිසුන්ගෙන් අහන්න බිස්නස් වැටිල නැද්ද කියල. මිනිසුන්ට බදු ගහනවා බඩු මිල ඉහළ ගිහිල්ල. මිනිසුන්ට ජිවත් වෙන්න බැ. ඒ නිසා අපි සියලුම දෙනා එකතුව මේ ආණ්ඩුව ගෙදර යවන්නට කටයුතු කල යුතුයි.
බැදුම්කරයේ හොරකම් ටික වහගන්න රනිල් විකුමසිංහ කටයුතු කරනවා. හෙට අනිද්දට කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්නවා තව සතියක් දෙකක් යද්දි අගමැතිතුමාගෙන් කට උත්තර ගන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට අධිකරණයට යන්න වෙයි කියල බයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ජාතික ආණ්ඩුවක් හදන්න උත්සාහ ගන්නවා.
නමුත් මම වගකිමකින් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතා මොනම හේතුවකටවත් එක්සත් ජාතික පක්ෂය එක්ක ජාතික ආණ්ඩුවක් හදන්නෙ නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් සියලු වාමාංශික පක්ෂත් එකතුව ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ඉදිරි ජනාධිපතිවරණයේදි තමන්ගේ අපේක්ෂකයා ජනාධිපතිවන බවද “ඔහු වැඩිදුරටත් පැවසිය.
popular news
ase Sunday, 31 March 2019 02:17 PM
එතකොට ඉල්ලන්නේ කව්ද ?? ජය පරාජය ජනතාවගේ තීරණය නේද ??? එය චන්දය දීල උදේට බලමු නේද ??
Reply : 0 1
Champa Sunday, 31 March 2019 04:07 PM
මෛත්‍රී එක්ක? මේක තනිකරම 2015 මහින්දට චන්දෙ දුන්නු ලක්ෂ 58යි ඊට පස්සේ විමල්ගේ නුගේගොඩ රැස්වීමේ ඉඳන් රට පුරා අනිත් රැස්වීම් වලට මහින්දයි රටයි වෙනුවෙන් අව්ව වැස්ස නොතකා ආපු තවත් ලක්ෂ 10ක් 15ක් විතර මිනිස්සුනවයි අමු අමුවේ පාවා දීමක්. ඕක අහන්නද මිනිස්සු අවුරුදු 5ක් ඔක්කොම ඉවසගෙන හිටියේ? ලැජ්ජයි. ගෝඨාභය දිනන්නේ නැහැ කොහොමටවත් ඔය කියන ඔක්කොම පිරිස වේදිකාවට ආවත්. වැඩිම වුනොත් චන්ද 18% - 20% ප්‍රමාණයක් හම්බ වෙයි. මොන පක්ෂේ වුනත් මිනිස්සු ආයේ ගෝඨාභය බැසිල් රට ආණ්ඩු කරපු 2010 - 2015 යුගයට යන්නේ නැහැ. වහල් ආණ්ඩුව ගෙදර යවල මිනිස්සු ආයෙමත් රාජපක්ෂ මහත්වරුන්ට බයේ ජීවත් වුනු පරණ යුගයට යන්නෙත් නැහැ. ගෝඨාභය වගේ තද හිතක් තියෙන කෙනෙක් ලංකාවට හරි යන්නේ නැහැ. රටට ඕනේ මහින්ද වගේ උණුවෙන හිතක් තියෙන නායකයෙක්. දැනට එහෙම නැති බව ඇත්ත. ඉස්සර වගේ දේශපාලකයෝ තල්ලු කරන් ඇවිත් ඉස්සරහට දාන නායකයෙක් තවදුරටත් මිනිස්සු පිළිගනියි කියලා මම හිතන්නේ නැහැ. ලංකාව මේ ආව පාරේ තවදුරටත් ගිහින් ගොඩ එන්න බැහැ. ලංකාවට ඕනේ අලුත් නායකයෙක්. ලංකාව මෙච්චර කල් පාලනය කලේ එකම අච්චු වල මිනිස්සු. දැන් ඕනේ වෙනස් අච්චුවක මිනිහෙක්
Reply : 0 1
Don Sunday, 31 March 2019 05:37 PM
එතකොට දයාසිරි, වෙල්ගම, දුමින්ද දිසානායක හිටගන්නේ කොහෙද?
Reply : 0 1
chathuri Sunday, 31 March 2019 05:40 PM
මය්ත්රි ගේ අවසානය ගොටගේ පටන්ගැන්ම එහෙනම් , දැන් රාජපක්ෂලාට තනියම වේදිකාවට ත් නගින්න බැරි තත්වයක්. උදාවෙලා. තියෙන්නේ , ලජ්ජා නැත්ද ,. මසතුනෙන් ආණ්ඩුව පෙරලනවා කියපු. කට්ටිය , කෝ අර ඉවසුව ඇති කියපු මහා. රැලිය සේරම. සෙල්ලම් ටික. කාලයයි , මොන. ප්‍රශ්න. තිබුනත් ජනතාව. හිතේ සතුටින්. ඉන්නවා. , නැතිනම් කට අරින්න තහනම් , අරුකම් තිබුනත් දුක් විදගෙන ඉන්න ඕන ,දැන් එහෙම. නැහැ සියලුම දෙන උද්ගෝෂණ කරනවා. , වෙඩි තියන්න. කවුරුත්. නැහැ , සුදු. වැන් අරන් පස්සෙන් පන්නන්න කවුරුත් නැහැ , අපච්චිට කියන්න. නාමල් බෙබිව්යි ,විමල් වයි අරගෙන වේදිකාවට නගින්න කියල , මිනිස්සු හිනහ. වෙලා පන ටික යයි , මොලයක් නැති. දෙන්නෙක්. ජනාදිපති වෙන්න යනවා
Reply : 1 1
rocky Sunday, 31 March 2019 06:58 PM
බුදු අම්මෝ, පරෙස්සමින්. බක්මාසේ කියන්නේ හෙන ගහන මාසයක්!!.
Reply : 1 1
Nandana Monday, 01 April 2019 09:23 PM
Mr ටැබ්ලට් නිකන් මරු කියෝනව , කොහෙවත් යන මෝඩ පිස්සෙක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd