එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන විසින් කිතුණු උත්සව හා නිවාඩු සමයේදී ඇමෙරිකානුවන් සංචාරය කිරීමට, සත්කාරකත්වය දැක්වීමට හෝ සාදවලට සහභාගී වීමට පෙර දැන සිටිය යුතු දේ පිළිබඳව මඟපෙන්වීමක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ඔවුන් මෙම මගපෙන්වීම නිකුත් කරන්නේ අඩු අවදානම් සහිත නිවාඩු ක්‍රියාකාරකම් ලෙසිනි.
අධික ලෙස බෝවන වෛරසය වැලඳීමේ හෝ එය පැතිරීමේ අවදානම අවම කරමින් මෙවර උත්සව කාලය ගත කිරීමේ වඩාත් හොඳම ක්‍රමය තම පවුලේ අය සමග පමණක් හෝ අතථ්‍ය ආකාරයෙන් එක්වූ සෙසු ඥාති හිතමිත්‍රාදීන් සමග ස්තූති දීම සැමරීමය.
එකම නිවසක ජීවත් නොවන, පිටස්තරව රැඳී සිටින ඥාතීන්ට හෝ හිතෛෂීන්ට, විශේෂයෙන් කොවිඩ්-19 ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති අයට ආරක්ෂිත ආකාරයෙන් පිළියෙළ කළ ආහාරපාන, සම්බන්ධතාවකින් තොවර ලැබීමට සැලැස්වීමද කළ හැකිය. එහිදී ඕනෑම අවදානමක් අවම කිරීමේ මාධ්‍යයක් ලෙස ඔවුන්ට අතථ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට පුළුවන.
එසේම ස්තුති දීමෙන් පසු සති අන්තයේ වෙළෙඳ සැල් කරා සාප්පු සවාරි යාම වෙනුවට මාර්ගගත සාප්පු සවාරි යාම එම ගනුදෙනු සිදුකිරීමේ වඩාත්ම ආරක්ෂිත ක්‍රමය බවද පෙන්වා දෙයි.
තවත් අඩු අවදානම් සහිත නිවාඩු ක්‍රියාකාරකමක් ලෙස නිවසේ සිටින පිරිස එක්ව විවිධ ක්‍රීඩාවන් හි නිරත වෙමින්, උද්යෝගයෙන් යුතුව නිවාඩුව ගතකළ හැකි බවද එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සිය මාර්ගෝපදේශ මගින් පවසා සිටියි.