කොටස් වෙළඳපොළ හරහා මිලියන 400ක මුදලක් කොටස් වෙළඳපොළ හරහා පිටවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එසේම ඉදිරියේදී වැඩි තීරු බදු පනවමින් ආනයන සීමා කිරීමට කටයුතු කරන් ඔහු ප්‍රකාශ කළේය.
සූරියවැව, වැදිවැව ඉදිකරන ලද මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගම ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අද ( 24දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
“මේ වන විට ඩොලර් මිලියන 400ක මුදලක් කොටස් වෙළඳපොළ හරහා පිටවී තිබෙනවා. ආජන්ටිනාව, ඉන්දියාව, ඉන්දුනිසියාව, මෙක්සිකෝව, තූර්කීය ආදි රටවල මහ බැංකුව පොලිය වැඩිකර තිබෙනවා. අප පොලිය වැඩිකළොත් ලාංකික ව්‍යාපාරිකයන්ට වැඩි පොලියක් ගෙවීමට සිදුවෙනවා. එම නිසා මේ ප්රශ්නය අපට පමණක් සීමා වී නොමැති බව කිව යුතුයි.
වැඩි තීරු බදු පනවමින් අපේ ආනයනය ඩොලර් මිලියන 500 කින් හෝ 1000කින් සීමා කිරීමට අපි ක්‍රියාකරනවා. රට ඇතුලෙන් පැමිණි අභියෝග වලට අප හොදින් මුහුණ දුන්නා. මෙම අභියෝගය දැන් අපට පැමිණ තිබෙන්නේ රටට පිටතින්. එයටත් අපි මුහුණ දෙනවා. ඒ අතරතුර නිවාස, ඉඩම්, මහාමාර්ග පාසල් ආදිය දියුණු කිරීමට කටයුතු කරනවා. ගම්පෙරළිය, එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආදි වැඩසටහන් වෙත වෙන් කරන මුදල් කිසිම හේතුවක් මත අඩු නොකරන බවත් මම මෙහිදී විශේෂයෙන් සිහිපත් කරනවා"