ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සුදානම් බව නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සි.බි රත්නායක මහතා පැවසිය.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරිම සඳහා හැටන් නගරයේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි සි.බි රත්නායක මහතා ඒ බැව් කියා සිටියේය.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළ සිටියේ,
වත්මන් රජයේ පාලන බලය වැඩිකල් නොයන බවත්, මේ රටේ ජනතාව මහ මැතිවරණයක් අපේක්ෂාවෙන් සිටින බවත්ය.
අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා දින 55ක් තුළ මේ රටේ ජනතාවට සහන රැසක් ලබා දුන්නද වත්මන් රජයෙන් රටේ ජනතාවට එවැනි සහන ලබා නොදෙන බවද ඔහු පැවසීය.
වතු කම්කරුවන්ගේ මුලික වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡා වලදි වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදිමට වතුහාම්පුතුන්ගේ සංගමය එකඟතාවය පල කර තිබු බවත්, එම වැටුප ලබාදිමට සුදානම්ව සිටි අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව රජය වෙනස් වු නිසා එම වැටුප වතු කම්කරුවන්ට ලබාදිමට නොහැකි වු බවයි සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ.
එම වැටුප වතු කම්කරුවන්ට ලබාදිමට වත්මන් රජය කටයුතු කල යුතු බවද සි.බි රත්නායක මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.