රාජ්‍ය පාලනය තුල නාස්තිය හා දූෂණය පිටුදැකීමට කටයුතු කළ යුතු බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
"රටක ප්රගමනය සඳහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා නීති පොතට මුවාවී තම වගකීම් ඉටුකිරීම පැහැරහරින්නේ නැතුව ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවන් කඩිනමින් ඉටුකරදෙන ලෙස මම සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මා විටින් විට රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතන වලට යන්නේ මෙය නිසියාකාරව සිදුවනවාද යන්න සොයාබැලීමටයි. ඉදිරියටත් මා මෙය දිගටම කරන්නට බලාපොරොත්තු වෙනවා. අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රජයේ ඉහල නිලධාරීන්ද නිරන්තරයෙන්ම තම තමන්ගේ ආයතනවල කටයුතු සිදුවන ආකාරය අධික්ෂණය කල යුතුයි.
රාජ්‍ය පාලනය තුල නාස්තිය හා දූෂණය පිටුදකින බවට අපි ජනතාවට පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන තුල නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගත යුතු අතර මේවාට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා."