රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ සිරුරෙන් ලබාගත් අස්ථි කොටස් අතුරුදන්වීම් සිදුවීමට අදාළව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරකෝන් මහතාට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ මහාධිකරණයේ නඩු පැවැරීය.
වසීම් තාජුඩීන් මහතාගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලට අදාළව නීතිපතිවරයා මෙසේ නඩු පැවැරීමට කටයුතු කළ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිෂාරා ජයරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙසේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුට එරෙහිව මහාධිකරණයක නඩු පැවරීම සිදුවූ බවත් ඇය වැඩිදුරටත් පැවැසීය.