ඉතාලියේ කොවිඩ් 19 හේතුවෙන් එරට ජනතාවට ලබාදුන් කොවිඩ් සහන නිත්‍යානුකුලව එ රටේ වෙසෙන ලාංකික පවුල් බහුතරයකට හිමි වි තිබේ.
ඉතාලි රජය විසින් කෝවිඩ් 19 හේතුවෙන් රැකියා අහිමි වූ හා ආදායම් මාර්ග අඩු වූ පවුල් සඳහා ආර්ථික ශක්තියක් වීමේ ආරමුණින් ගෙන ආ කූරා ඉතාලියා නම් නව චක්‍රලේඛණයක් මගින් මෙම සහන ලබාදීමට මුදල් වෙන් කළේය.
මේ වන විට ඉතාලියේ නිත්‍යානුකූලව ජිවත්වන හා රැකියාවන්හි නිරත ලාංකික බහුතර පවුල් සංඛ්‍යාවකට අවම යුරෝ 250 ක (ලංකා මුදලින් රුපියල් පනස්දහසක්) සිට එම මුල්‍ය සහනය හිමිව තිබේ. පවුලේ සිටින සාමාජිකයන් ප්‍රමාණය අනුව මෙම සහන මුදල වැඩිවෙමින් තිදෙනෙකුගෙන් යුත් පවුලකට යුරෝ 550 දක්වා මුල්‍ය සහනය හිමිවන බවත් එම වවුචර් පත් භාවිතා කර අ්ය භාණ්ඩ මිලදි ගැනිමේ පහසුකමත් සලසා දි තිබේ.
එමෙන්ම නිවාස කුලි සහන ලෙස යුරෝ 500 ක මුදලක්ද පාසැල් යන සිසුන් සඳහා පරිගණක මිලදි ගැනිමට සහන ලබාදෙමින් තිබෙන අතර ලාංකිකයන්ටද එම සහන ලබා ගැනිමේ අවස්ථාව ලබා දි තිබේ.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට