ඉතාලිය කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා දැඩි පියවරයන් කිහිපයක් අනුමත කරමින්, මින් ඉදිරියට එරට සියලු වෘත්තිකයන් එන්නත් ලබාගෙන සිටීම හෝ සෘණාත්මක පරීක්ෂණයක් සිදුකර තිබීම හෝ මෑතකදී වෛරසය ආසාදනය වී සුවය ලබා තිබීම තහවුරු කෙරෙන සෞඛ්‍ය බලපත්‍රයක් රැගෙන සේවය පැමිණීම අනිවාර්ය කිරීමට යයි.
වෛරසයෙන් දරුණු ලෙස පීඩාවට පත්වූ යුරෝපීය රාජ්‍ය තුළ එන්නත් ලබාගැනීමේ වැදගත්කම ඒත්තු ගැන්වීමට ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්රැගීගේ පුළුල් සන්ධානය කළ නවතම උත්සාහයක් ලෙස ඔක්තෝබර් 15 දා සිට මෙම නව නීති ක්‍රියාත්මක කෙරේ.
වලංගු සෞඛ්‍ය බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන ඕනෑම වෘත්තිකයෙකුගේ සේවය ගෙවීමකින් තොරව අත්හිටුවීමක් සිදුකරන නමුත්, එම නියෝගයේ කෙටුම්පතට අනුව සේවයෙන් පහකිරීමක් සිදු නොවන බව කියයි. කෙසේ වෙතත් මේ පිළිබඳ සම්පූර්ණ විස්තර පසුවදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එසේම නියෝගය නොසලකා හැර රැකියාවට යන පුද්ගලයින්ට යුරෝ 600 සිට 1500 දක්වා දඩයකට මුහුණ දීමටද සිදුවේ.
2020 මුල් භාගයේදී වසංගතය මතු වූදා සිට 130,000කට වැඩි පිරිසක් රෝගයෙන් මිය යමින් බ්‍රිතාන්‍යයට පසු යුරෝපයේ දෙවැනි වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා විය.
කෙසේ වෙතත් ඉතාලියේ මිලියන 60ක් වූ ජනගහනයෙන් 74%කට පමණ අවම වශයෙන් එක් කොවිඩ්-19 මාත්‍රාවක් හෝ ලබමින්, 68%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති පසුබිමක එරට තුළ මරණ 96.3%කින්ද, රෝහල් ගතවීම් 93.4%කින්ද, දැඩි සත්කාර ඇතුළත් කිරීම් 95.7%කින්ද අඩු කිරීමට එන්නත් උපකාරී වූ බව සඳහන් වෙයි.