ඉතාලියේ සිට පැමිණි 600 කට වැඩි පිරිසක් සිය නිවෙස් තුළ නිරෝධායනයට ලක් කළ බවත් ඔවුන් නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට අදාළ සහතික නිකුත් කර අවසන් බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිලධාරි කේ.එම්.සුසන්ත කුමාරසිංහ මහතා පවසයි.
මෙසේ අදාල නිරෝධායන සහතික නිකුත් කර තිබුණේ වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොඨඨාසය තුල පදිංචි ඉතාලි රැකියා වල නිරත වි ශ්‍රී ලංකාවට පැමිණ සිටි පිරිසකී.
මෙම පිරිස කොරෝනා වසංගතයත් සමග ශ්‍රී ලංකාවට පැමිණ තිබු බව කියයි.
එමෙන්ම 100කට අධික පිරිසක් නිරෝධායන කඳවුරු වල නිරෝධායනය අවසන් වී නිවෙස් වලට පැමිණ ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ බෝවන රෝගායතනයට යොමු කර ප්‍රතිකාර ලබමින් සිටි වයස මාස 11ක කුඩා බිළිදෙකු සුවය ලබා වෙන්නප්පුව වයික්කාල නිවස කරා රැගෙන ඒමට සෞඛ්‍ය බලධාරින් ඊයේ 19 වන දින සවස කටයුතු කළේ ය.
මෙම බිළිදාගේ මව පියා ඇතුළු එකම පවුලේ 7 දෙනෙකු නිවෙස් තුළ නිරෝධායනය වෙමින් සිටිය දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු මීට මාසයකට පමණ පෙර ප්‍රතිකාර සදහා අංගොඩ බෝවන රෝගායතනයට යොමු කර තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.එම්.සුසන්ත කුමාරසිංහ මහතා ,
වෙන්නප්පුව ප්‍රදේශයේ බහුතරයක් ඉතාලියේ සේවය කරන්නේ පසුගිය මාසය ඇතුළත පමණක් 600 කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස් වල නිරෝධායනයට ලක් කරමින් නිරන්තරයෙන් අපි ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සිදු කළා.
මේ අතර තුර එකම පවුලේ 7දෙනෙකු ආසාදිතයන් බවට හදුන ගත්තා. ඔවුන්ව අපි අංගොඩ බෝවන රෝගායතනයට යොමු කිරීමට කටයුතු කළා.
ඒ සියලුම දෙනා ඉතාලියේ සිට පැමිණ අය මේ වන විට මාස 11ක දරුවා සහ දරුවාගේ සීයා සුව වෙලා පැමිණ තිබෙනවා. දරුවාගේ මව සති 27 ක ගැබිණි මවක් ඇය ඇතුළු සෙසු 5 දෙනා තවමත් ප්‍රතිකාර ලබනවා.
මේ වන විට නිරෝධායනය වන අයට අදාළ සහතික නිකුත් කරලා තියනවා. ඒ සියලු දෙනාට සෞඛ්‍ය ආරක්ෂිත සියලු උපදෙස් හොඳින් පිළිපැදලා කැප කිරීම් කරලා ඉදිරි දින කිහිපය තුළ සිටින ලෙස මා ඔවුන්ට කියා සිටිනවා.
වෙන්නප්පුව පොලීසිය, ප්‍රාදේශීය සභාව , ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අපට නොමද සහයක් ලබා දෙනවා.