වසරක කාලයක සිට ඉතාලියේ රැකියාවල නිරත ලාංකිකයන්ට තම මව් රටට පැමිණිමට නොහැකි වීම හේතුවෙන් දැඩි පීඩාවකට හා ගැටළු රැසකට මුහුණ දි සිටින බව උතුරු ඉතාලියේ ශ්‍රී ලංකා සමාජ ක්‍රියාකාරින්ගේ සංසදය පවසයි. ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදෙමින් සිටින ඉතාලියේ වෙසෙන ලාංකිකයන් තම මාපියන් දරුවන් පවුලේ සමාජිකයන් සමග එකතුවීම මෙන්ම අසනීප තත්වයන්ට ප්‍රතිකාර ගැනීමට ලංකාවට යාමට නොහැකිවීම හේතුවෙන් ලාංකිකයන් දැඩි මානසීක හා ශාරිරික පීඩාවන්ට ලක්ව ඇති බවත් මෙම තත්වය සලකා බලා ඉතාලියේ වෙසෙන ලාංකිකයන්ට කිසිදු ගැටළුවක් හා බාධාවකින් තොරව පැමිණිමට ඉඩ ලබාදෙනමෙන් ඔවුහු ඉල්ලා සිටිති.
සීමා සහිතව කොන්දෙසි යටතේ ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි ටිකට් පත්වල අධික මිල ගණන් මෙන්ම නිරෝධායන ක්‍රියාවලියේදි හෝටල් ගාස්තු අධික වීම ඉතාලියේ ලාංකිකයන් දැඩි පිඩාවකට හා අසිරු තාවයකට ලක් කර ඇති බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ නිවාඩු කාල සීමාව මාසයක කාලයක පමණක් බැවින් දැනට ලංකාවේ ක්‍රියාත්මක සති 2 ක නිරෝධායන කාල සීමාව පිටත හෝටල් හෝ නිරෝධායන මධ්‍යස්ථාන වලට යැවිම හේතුවෙන් පවුලේ සමාජිකයන් සමග ගත කෙරෙන කාල සීමාව ඉතා සීමිත බවද ඔවුහු පවසති.
මේ අනව ශ්‍රී ලංකාවට පැමිණීමේදී සිදු කරනකෙරෙන කොවිඩ් පරික්ෂණ 2 ම සෘණාත්මක වන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් වලට යවා අනිවාර්ය නිරෝධායන කාලය එම නිවෙස් වලම ගත කිරිමට ඉඩ සලසා දෙන ලෙස ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට