ඉතාලියේ කෝවිඩ් 19 පැතිරිම ආරම්භ වු පසුගිය පෙබරවාරි (21) දා සිට ඊයේ (27) දිනය දක්වා කෝවිඩ් ආසාදිතයන් තහවුරු කර ගැනිමේ පරික්ෂණ දොළොස්ලක්ෂ තිස් හත්දාස් තුන්සියදාහතක් සිදුකර කෝවිඩ් ආසාදිතයන් එක්ලක්ෂ අනුනමදාස් හරසියදහතරක් සොයාගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
ඉතාලියේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ආසාදිතයන් තහවුරු කර ගැනිමේ පරික්ෂණ කට්ටල් දහත්ලක්ෂ අසුනමදාස් හයසිය හැටදෙකක ප්‍රමාණයක් බෙදා හැර ඇති බවත් මෙම පරික්ෂණ වැඩිම ප්‍රමාණයක් සිදු කර ඇත්තේ ඉතාලියේ කෝවිඞ් වැඩිම ආසාදිතයන් හා මරණ ප්‍රමාණයක් වාර්තා වු ලොම්බාර්දියා ප්‍රාන්තයේ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
ඊයේ (27) දිනය අවසන් වනවිට ඉතාලියේ කෝවිඞ් මරණ 26977 ක් හා කෝවිඩ් සුව වු පුද්ගලයන් 66624 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු