ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ සහ පළාත් 14 ක ජනතාව මිලියන 16ක් පමණ අනිවාර්ය නිරෝධායනය කිරීමට ඉතාලි රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඉතාලියේ එම ප්‍ර දේශ අප්‍රේල් මස මුල දක්වා හුදෙකලා කිරීමට ඉතාලිය කටයුතු කර තිබේ.
ඉතාලිය තුළ කෝවිඩ් 19 වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යෑමත් සමගින් එය පාලනය කිරීමේ පියවරක් ලෙස ඉතාලිය මෙම පියවර ගෙන තිබේ.
ඉතාලිය තුළ මේ වන විට කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 230 ක් ඉක්මවා ගොස් ඇති අතර සෙනසුරාදා දිනය අවසන් වන විට මරණ 50කට වැඩි සංක්‍යාවක් වාර්තා වී තිබේ.
ඉතාලිය තුළ තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 5883ක් දක්වා ඉහළ ගොස් තිබේ.