ලොව දෙවැනියට වැඩිම කොවිඩ්-19 ආසාදිත මරණ වාර්තා වන ඉතාලියේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 29,000ක් ඉක්මවා ඇති අතර, එය අද (05දා) අලුයම වාර්තා වූයේ 29,079ක් ලෙසිනි. එරට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 211,938කි. සුවවූවන් 82,879කි.
එමෙන්ම ප්‍රංශයේ කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවා ගොස් ඇති අතර, එය වාර්තා වූයේ 25,204ක් ලෙසිනි. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 170,000 සීමාවට පැමිණ තිබේ. සුවවූවන් 51,476කි.
මහා බ්‍රිතාන්‍යය කොවිඩ්-19 ආසාදිත මරණ තෙවනුවට වැඩිම වාර්තා වන රටයි. එරට මරණ සංඛ්‍යාව 28,809ක් ලෙස වාර්තා වන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 191,832කි. බ්‍රිතාන්‍යයේ සුවය ලැබූවන් අඩුවෙන්ම වාර්තා වන අතර, එම අගය 910කි.
ස්පාඤ්ඤය දෙවනුවට වැඩිම කොවිඩ්-19 ආසාදියන් වාර්තා වන රට වන අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 218,011කි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 25,428ක් වන අතර, සුවය ලැබූවන් 121,343කි.
ජර්මනියේ ආසාදිත මරණ සංඛ්‍යාව 7,000 සීමාවට පැමිණ ඇති අතර එය වාර්තා වන්නේ 6,993ක් ලෙසිනි. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 166,152කි. සුවය ලැබූවන් 132,700කි.