ඉතාලියේ දෛනිකව නව කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර ගෙවීගිය සෙනසුරාදා දිනයේ මරණ 16ක් ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලියාපදිංචි කර තිබේ.
මියගිය සංඛ්‍යාව පෙර දිනට වඩා පහක් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, එම සංඛ්‍යාව වසංගතයේ මුල් සතිවලට වඩා අඩු ගණනකි. එම කාලයේදී දිනපතා සිය ගණනක් මිනිසුන් වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
මේ අතර නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මුඛ ආවරණ භාවිත කිරීමට විරෝධය දැක්වීමට විරෝධතාකරුවෝ ඉතාලි අගනුවර රෝමයේ රැස්ව සිටි අතර, එයද වෛරසය තවදුරටත් පැතිර යාමට රුකුලක් බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
සෙනසුරාදා තවත් ආසාදිතයන් 1,700කට ආසන්න සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර, ඉතාලියේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 276,338ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෑත කාලීන සිදුවීම් බොහොමයක් ජනප්‍රිය නිවාඩු ස්ථාන සමග සම්බන්ධ වී ඇති අතර, විශේෂයෙන් සාඩීනියා දූපතේ නිවාඩු ගත කළ අය ඒ අතර වන බව කියයි. ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 35,534 කි.