ඉතාලිය තුළ තවදුරටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඉතාලියේ සියළුම සිල්ලර වෙළඳසැල්, කෝපි බාර්, පබ්, අවන්හල්, කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍යාගාර වසා දමන ලෙසට ඉතාලි අග්‍රාමාත්‍යයරයා නිවේදනය කළේය.
සිය සේවකයින්ට නිවාඩු ලබා දෙන ලෙස හෝ නිවසේ සිට රැකියා කිරිමට අවස්ථාව ලබාදෙන ලෙසද ඉතාලි අග්‍රාමාත්‍යවරයා පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියේය.
ඉතාලිය තුළ කොවිඩ් අසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 10000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 800 ඉක්මවා තිබේ.
සුපිරි වෙළඳසැල්, ෆාමසි, පොදු ප්‍රවාහනය, තැපැල් කාර්යාල, බැංකු, ගොවිපලවල් සහ ආහාර නිෂ්පාදන කර්මාන්ත තවදුරටත් විවෘතව තැබීමට නියමිතය.
මේ වන විට ඉතාලියේ මිලියන 60 ක ජනතාවක් තම නිවෙස්වලම සිටිමින් නිරෝධායනය කිරිමට ඉතාලිය මේ වන විට පියවරගෙ ගෙන තිබේ.