ඉතාලිය නැවත වරක් අගුලු දැමිම වලක්වාලීමට කොවිඩ් 19 රාජ්‍ය හදිසි තත්ත්වය ලබන දෙසැම්බර් 31 දක්වා දිර්ඝ කිරිම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ඉතාලි අගමැතිවරයා ඊයේ (27) මාධ්‍ය හමුවකදි පවසා තිබේ.
යුරෝපයේ අනෙකුත් ප%ධාන රටවල් කොවිඩ් හදිසි නීති රෙගුලාසි ඉවත් කිරිමෙන් පසුව ඇතිව තිබෙන කොවිඩ් වසංගතයේ බැරැරුම් තත්ත්වය මෙන්ම සාමාන්‍ය ජන ජිවිතයට එල්ල වන පීඩාවන් මෙන්ම ආර්ථිකයට ඇතිවන හානි සංකිර්ණව සලකා බලා පාර්ලිමේන්තුවේ හා සෙනෙට් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර මෙම තිරණය ගැන සලකා බලන බව අගමැතිවරයා වැදුරටත් පවසා තිබේ.
ඉතාලියේ කොවිඩ් 19 හදිසි නිති තත්ත්වය ලබන ඔක්තෝබර් මස 15යින් අවසන් වන අතර එය නැවත දීර්ඝ කිරිමට නම් පාර්ලිමේතුවේ හා සෙනෙට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර එයින් සම්මත විය යුතුය.
ඊයේ (27) ඉතාලියේ PCR පරික්ෂණ 87,714 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1,766ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ(27) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 17 ක් වාර්තා වි තිබේ.