යුරෝපය තුළ වැඩිම කෝවිඩ් 19 රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන ඉතාලිය තුළ නව නිරෝධායන කලාපයක් ස්ථාපිත කිරීමට ඉතාලි සෞඛ්‍ය අංශයන්හි අවධානය යොමුව තිබේ.
කෝවිඩ් 19 ආසාදනය වීමෙන් ඉතාලිය තුළ පුද්ගලයන් 79ක් මියගොස් ඇති අතර වාර්තා වී ඇති සම්පූර්ණ රෝගීන් ගණන 2502කි.
මිය ගිය රෝගීන් අතර අවුරුදු 55ක පුද්ගලයෙක් සිටින අතර ඔහු මේ දක්වා ඉතාලිය තුළ මිය ගිය රෝගීන් අතර අඩුම වයසක් සහිත රෝගියා විය.