ඉතාලියේ ඊයේ (19) දිනය අවසන් වන විට සමස්ත කෝවිඩ් 19 ආසාදිතයන් 178,972 ක් වාර්තා වු බවත් මරණ 23,660 ක් ලෙස හා සුවය ලැබු පිරිස 47,055 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඊයේ (19) දිනයෙදි පමණක් මරණ 433 ක් හා නව ආසාදිතයන් 3047 ක් වාර්තා වු බවත් 2128 ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
එක් දිනකට කෝවිඩ් පරික්ෂණ හැත්තා දහසක් පමණ සිදු කිරිම හේතුවෙන් මෙම රෝගීන් හඳුනා ගැනිමේ ක්‍රියාවලිය වේගවත් වු බවත් කෝවිඩ් මර්දනයට ගත් පියවරයන් සාර්ථක වෙමින් තිබෙන නමුත් එය මන්දගාමීව සිදුවන බව වැඩිදුරටත් ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු