කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ පළමු යුරෝපා රට ලෙස සැලකෙන ඉතාලියේ කොවිඩ්-19 රෝගයෙන් මේ වනවිට 85,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
නව මරණ 299ක් වාර්තා වීමෙන් පසුව එම සංඛ්‍යාව සෙනසුරාදා 85,000ක් ඉක්මවා ගිය අතර ඉරිදා 85,461ක් විය.
ඉතාලියේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව අද (25දා) උදෑසන වනවිට 2,466,813ක් ලෙස සටහන් වන අතර, වසංගතයේ දෙවැනි රැල්ලෙන් ඉතාලියද දැඩි පීඩාවකට ලක්ව සිටියි.