ඉතාලියේ මාර්තු මස මුල වෛරසය පැතිරීම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා අවම කොරෝනා මරණ වැඩිවීම ඉරිදා (10දා) වාර්තා වී තිබේ.
ඒ අනුව ඉතාලියේ අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිත මරණ 30,560ක් මේ වනවිට වාර්තා වන අතර, ඉරිදා දිනයේදී මරණ 165ක වැඩිවීමක් පමණක් වාර්තා කළ බව ඉතාලි සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි. එය මේ දක්වා මරණ සංඛ්‍යාවේ අවම වැඩිවීමකි.
ඉන් නොනැවතී ඉතාලිය පුරා සක්‍රීය රෝගීන් සංඛ්‍යාව යළිත් වරක් අඩුවී ඇති අතර, එය සෙනසුරාදා වාර්තා වූ 84,842 සිට ඉරිදා වනවිට 83,324ක් දක්වා පහත වැටී ඇත. එය සක්‍රීය රෝගීන් 1,518කින් අඩු වී තිබේ.
කෙසේ වෙතත් අවම වශයෙන් කොරෝනා රෝගීන් 1,027ක් දැඩි සත්කාර ඒකකවල දිගටම ප්‍රතිකාර ලබති.
මේ අතර, ලෝකයේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රටවල් අතර ඉතාලිය පසුකර තෙවැනි ස්ථානය කරා මහා බ්‍රිතාන්‍ය පැමිණ තිබේ.
අද (11දා) උදෑසන වනවිට මහා බ්‍රිතාන්‍යයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 220,449ක් දක්වා ඉහළ යමින් තෙවැනි තැනට පත්ව තිබූ අතර, මෙතෙක් තෙවැනි තැනට සිටි ඉතාලියේ ආසාදිතයන් සංඛ්‍යාව 219,449ක් ලෙස සිව්වැනි තැනට පත්ව තිබේ.
මහා බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද 30,000 ඉක්මවා යමින් මේ වනවිට 31,930ක් ලෙස වාර්තා වන අතර, එය දෙවැනි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණි. ඒ අනුව කොරෝනා මරණ වැඩිම රටවල් අතර දෙවැනි තැනට මහා බ්‍රිතාන්‍ය පත්ව තිබේ.