ඉතාලියේ පසුගිය අප්‍රේල් 24 වැනිදායින් පසුව වැඩිම දෛනික කොවිඩ්-19 ආසාදිතයන් පිරිස ගෙවීගිය දිනයේ වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
ඒ අනුව බ්‍රහස්පතින්දා අවම වශයෙන් නව කෝවිඩ්-19 ආසාදිතයන් 2,548ක් වාර්තා වී ඇති අතර, මේ සමග සමස්ත ආසාදන සංඛ්‍යාව 317,409ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම නව කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 35,918ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය පැය 24 තුළ අතිරේක මරණ 24ක් වාර්තා වී තිබේ.
දැඩි සත්කාර සඳහා ඇතුළත් කර ඇති රෝගීන් සංඛ්‍යාවද 11කින් වැඩිවීම ඇති අතර, මේ වනවිට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන සමස්ත රෝගීන් සංඛ්‍යාව අවම වශයෙන් 291ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
යුරෝපය පුරා හඹා යන නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලේ බලපෑම මේ වනවිට ඉතාලියටද අනතුරු අඟවමින් ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.