ඉතාලිය පසුගිය අප්‍රේල් 14දායින් පසුව වැඩිම කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ ගෙවීගිය දිනයේ වාර්තා කර ඇති අතර, එය මරණ 580ක් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව මේ වනවිට ඉතාලියෙන් වාර්තා වන සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 43,233ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වසංගතය ආරම්භයේ සිටම ධනාත්මක ආසාදන 995,463ක් එරටින් වාර්තා වී ඇති අතර, ගෙවීගිය දිනයේ තවත් නව නව කොරෝනා ආසාදිතයන් 35,098ක්ද වාර්තා කර ඇත.
මේ වනවිට එරට දැඩි සත්කාර ඒකක තුළ රෝගීන් 2,971ක් සිටින අතර, එය පෙර දිනට සාපේක්ෂව රෝගීන් 122ක වැඩිවීමකි.