ඉතාලියේ රෝම නුවර ඉන්ෆර්නේත්තු ප්‍රදේශයේ සේවය කරමින් සිටි ලාංකිකයෙක් ගසක අත්තක් කපමින් සිටියදි වැටී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදි සතියකට පසුව පෙරේදා (23දා) මියගොස් ඇති බව ඔහුගේ ඥාතින් පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ නයිනමඩම තල්දෙක ප්‍රදේශයේ පදිංචි මාලිමගේ රිච් මේරියස් පාලිතප්රනාන්දු 57 නැමති තිදරු පියෙකි.
මොහු ඉතාලි ජාතිකයෙකුට අයත් උද්‍යාන සේවයක නිරතව සිටියදි අසළ තිබූ ඔලිව් ගසක අත්තක් කැපිමට යාමේදි බිම ඇදවැටිම හේතුවෙන් මෙසේ මියගොස් තිබේ.
මෙම අනතුරෙන් ඔහුගේ ඔළුව ප්‍රදේශයේ හා පෙනහළු ප්‍රදේශයට හානි සිදුවීමෙන් මියගොස් ඇති බව රෝහල් බළධාරින් පවසා ඇති බව ඔහුගේ ඥාතින් වැඩි දුරටත් පැවසීය.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු