විදුලි කප්පාදුවට විරෝධය පළකරමින් අක්මිමන ප්රාදේශිය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රිවරු අද (9දා) පැවති ප්රාදේශීය සභා රැස්විමට ඉටිපන්දම් දල්වාගෙන පැමිණියහ.
අද අක්මිමන ප්රදේශිය සභා රැස්වීම ආරම්භ කරන අවස්ථාවේ විදුලිය ඇණහිට තිබුණි. පසුව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු ඉටිපන්දම් දල්වාගෙන සභා ඝර්භයට පැමිණ විදුලි කප්පාදුවට එරෙහිව සිය විරෝධය පළකරණු ලැබිය.
සභාපතිවරයා ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රිවරුන්ගේ මේස මත ඉටිපන්දම් දැල්වෙමින් තිබුණි. ප්රාදේශීය සභාවේ විදුලි ජනන යන්ත්රය මගින් විදුලිය ලබාගෙන ප්රාදේශිය සභා රැස්වීමේ කටයුතු කරගෙන යනු ලැබිය.
ජිනේෂ් නානායක්කාර