ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඊයේ (05) උදෑසන වන විට කොරෝනා රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති බව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රයිගම්වත්ත ග්‍රාම නිලධාරී වසමින් වන අතර එම සංඛ්‍යාව 10කි.
ඊට අමතරව නම්බපානින් 05ක්ද, ඉංගිරිය නැගෙනහිරින් සහ මහ ඉංගිරියෙන් 04 බැගින්ද ලෙස රෝගීන් වාර්තාවී ඇති අතර, මේ වනවිට රෝගීන් හමුවී ඇති සමස්ත ග්‍රාම නිලධාරී වසම් ගණන 18කි.
එසේම පවුල් 105කට අයත් සාමාජිකයින් නිරෝධායනයට යොමුකර ඇති බවද ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසා සිටී.
ඉංගිරිය - නිමාලි කහවල