ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ බොරළු ගොඩ පිහිටි දැව ආශ්රිත කර්මාන්ත ශාලාවක සේවකයින් 47 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවත් එයින් 37 දෙනෙකුම ඉන්දියානු ජාතිකයින් බවත් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.සී.එල්.ප්‍රියන්ත මහතා පවසයි.
මෙම කර්මාන්ත ශාලාවේ මීට පෙර අහඹු ලෙස සේවකයින් 06 දෙනෙකුගේ සිදුකරන ලද පිසීආර් පරීක්ෂණ ප්‍රතිඑල පසුගිය 11 වෙනිදා ලැබුණු අතර එයින් 05 දෙනෙකු ආසාදිත බව තහවුරු වී තිබුණි.
අනතුරුව කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා සේවකයින් 80 දෙනෙකුගේ පිසීආර් පරීක්ෂණ සිදු කළ අතර එම ප්‍රතිඵල 14 දින රාත්‍රියේ ලැබුණු අතර එයින් 47 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.
මේ අනුව එම කර්මාන්ත ශාලාවේ සමස්ත ආසාදිතයින් ගණන 52 ක් දක්වා ඉහළ ගොස් අති අතර ඉන්දියානු ජාතිකයින් 37 දෙනෙකු ද ඒ අතර වීම විශේෂත්වයකි.
අගුරුවාතොට මංගල එදිරිසිංහ