හිටපු බැංකුකරුවෙකු වන ගිලර්මෝ ලාසෝ පසුගිය ඉරිදා ඉක්වදෝරයේ පැවති ජනාධිපතිවරණයෙහි ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, එය දකුණු ඇමෙරිකානු රටට ඓතිහාසික දිනයක් බවයි.
ඉක්වදෝරයේ මහ මැතිවරණයේ සෙසු තරගකරුවා වූ ඇන්ඩ්‍රස් අරාවුස් 86%ක ඡන්දය ගණන් කර අවසන් වනවිටත් ගිලර්මෝ ලැසෝට පරාජය වී ඇති බව එරට මැතිවරණ කාර්යාලය පැවසීය.
ඒ අනුව, හිටපු බැංකුකරු සහ තුන් වතාවක් ජනාධිපති අපේක්ෂකයා වූ ගිලර්මෝ ලාසෝ ඉක්වදෝරයේ ජනාධිපතිවරණයෙන් 52.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පෙරමුණ ගෙන සිටියේය.
කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ මැතිවරණය පැවති අතර, මිලියන 13කට වැඩි සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් 71.35% ක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ තිබුණි.