ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව අවධානය යොමුව ඇති බැවින් හැකි ඉක්මනින් කොවිඩ්-19 එන්නත ලබාගන්නා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
මැයි මාසයේ දෛනික උපරිමය වන ආසාදිතයන් 400,000 සිට ආසාදන පහත වැටීමෙන් පසුව, ඉන්දියාවේ වැඩිහිටියන් මිලියන 940ක් එන්නත් කිරීමේ උත්සාහයන් මේ වනවිට දෙගුණයක් කර ඇත.
"එන්නත ලබාගන්න" මෝඩි සිය මාසික ගුවන් විදුලි දේශනයේදී කියා සිටියේ සමාජ දුරස්ථ නීතිරීති පිළිපැදිය යුතු අතරම, මුඛ ආවරණ පැලඳීමද කළ යුතු බවත්ය. "එය හොඳ ආරක්ෂිත පලිහක්. ඒ ගැන සිතන්න."
දෙසැම්බර් මාසය වනවිට රටේ සියලුම වැඩිහිටියන්ට එන්නත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉන්දියාව දිනකට මාත්‍රා මිලියන 10ක් ලබාදිය යුතු බව විශේෂඥයෝ පවසති. නමුත් ඉන්දියාව තවම මාත්‍රා දෙකම සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත්තේ 6%කටත් වඩා අඩු ප්රතිශතයකටය.
අතථ්‍ය රැස්වීමකදීද මෝදි ප්‍රජා නායකයන්ගෙන්ද ඉල්ලා සිටියේ එන්නත ලබාදීමෙන් ලැබෙන ප්‍රයෝජන පිළිබඳව ගම්වැසියන් අතර දැනුවත්භාවය ඇති කරන ලෙසත්, අයහපත් ප්‍රතිඵල පිළිබඳ කටකතා මැඬපවත්වන ලෙසත්ය.
රට තුළ නිපදවන සියලුම එන්නත්වලින් 75%ක් රජය විසින් මිලදී ගෙන ඒවා නොමිලේ ප්‍රාන්තවලට බෙදා හරින බවත්, පෞද්ගලික රෝහල් හරහා වයස අවුරුදු 18ත් 45ත් අතර පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීම සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.