පුත්තලම කල්අඩිය ප්රදේශයේ පුද්ගලික ඉඩමක අත්තිවාරමකට පස් පුරවන මුවාවෙන් ඇළ මාර් ගයක් ගොඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධව ඇතිවු බහින්බස් විමකින් පසු කාන්තාවන් පිරිසක් අතර ගුටි බැට හුවමාරුවක් ඊයේ (23) දින සවස සිදුව තිබේ.
කල්අඩිය පාලවිය මාර්ගයේ පිහිටි ඉඩමක් අයිති කාන්තාවක් ඇයගේ අත්තිවාරමට පස් පුරවන මුවාවෙන් එම ස්ථානයේ ඇළ මාර්ගයක්ද වසා දමා පස් පුරවමින් සිටියදී එය පුත්තලම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් පැමිණ අදාළ කටයුත්ත වලකමින් අදාළ පස් ඉවත් කරමින් සිටියදි ඉඩම හිමි කාන්තාව ප්රකෝපකාරි ලෙස හැසිරි ඇති බව පැවසේ.
පසුව එම ස්ථානයට එක්වු ගම්වාසින් මෙම කාන්තාව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට බාධා කිරීම ගැන දැඩි විරෝධයක් මතු කර තිබේ .
ඒ සමාගම අදාළ ඉඩම හිමි කාන්තාව හා ගම්වාසින් අතර උණුසුම් තත්ත්වයක් මතුව තිබු අතර සිද්ධිය පාලනය කිරීමට පුත්තලම පොලිසියේ නිලධාරින් පිරිසක්ද පැමිණ තිබුනි.
කෙසේ නමුත් පොලීසිය බලා සිටියදිම ඉඩම හිමි කාන්තාව ගම්වාසි කාන්තාවකට පහර දිමත් සමග එම ස්ථානයේ රැඳි සිටි කාන්තාවන් පිරිසක් අදාළ කාන්තාවට පහර දිම සිදුවන ආකාරය දැක ගත හැකි විනි.
සිද්ධියෙන් පසුව එම ස්ථානයට පැමිණි පුත්තලම ප්රාදේශීය ලේකම් සංජීවනි හේරත් මහත්මිය පවසා සිටියේ
“ මෙම කාණුව කිසිම ආකාරයකින් ගොඩ නොකරන ලෙසද දැනට අත්තිවාරම දමා ඇති ස්ථානයේ පමණක් ඉදිකිරිම් කරන ලෙසත් අනිකුත් කිසිදු ඉදිකිරිමක් නොකරන ලෙසට අදාළ කාන්තාවට දැනුම් දිම සිදු විය”.
මේ පිළිබඳව පුත්තලම මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු එස් .අරුල්දාසන් මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ .
“මේ ඇළ මාර්ගය සම්පුර්ණයෙන් වසා දමමින් සිටියදි තමයි අපේ වැඩ පරික්ෂක නිලධාරියා සමග අනිත් පිරිසට අදාළ කාන්තාව පහර දෙන්න හදලා තියෙන්නේ. මේ නිසා අපේ නිලධාරින් අදාළ කටයුතු නිසි ලෙස ඉටුකලා. අපිට අදාළ කාන්තාව බාධා කිරිම නිසා ජනතාව එයට විරෝධයක් මතු කර තිබුනා” .