මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසල මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට (21දා) සිට ලබන 25 වැනිදා දක්වා කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම කාලය තුළ උදෑසන 09.50 ට කොළඹ කොටුවෙන් මහනුවර දක්වා දුම්රියක් ධාවනය වන අතර එය පස්වරු 01.15 ට මහනුවරට ළඟාවීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම මහනුවර සිට පෙරවරු 11.45ට කොළඹ කොටුව සහ නාවලපිටිය දක්වා දුම්රිය දෙකක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව එළඹෙන 26 වැනිදා කොළඹ කොටුවෙන් උදෑසන 07.05ටත් මහනුවරින් රාත්‍රී 07.00 ටත් දුම්රිය දෙකක් ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.