ජර්මනියේ අගනුවර වන බර්ලිනය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් වයස අවුරුදු 60ට අඩු අයට ලබාදීම අත්හිටුවා තිබේ.
"අපි වයස අවුරුදු 60 ට අඩු අය සඳහා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එන්නත් කිරීම තාවකාලිකව නවත්වනවා" යැයි නගර සෞඛ්‍ය අමාත්‍ය දිලෙක් කලෙයිචි පැවසීය. එය පූර්වාරක්ෂක පියවරක් ලෙස සඳහන් කළ අතර නගරය විසින් ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන්ගේ නිල නිර්දේශය බලාපොරොත්තු වෙයි.
ජර්මනිය තුළ ඇස්ට්‍රාසෙනෙකා පළමු වැනි මාත්‍රාව ලබාගැනීමෙන් පසුව පුද්ගලයන් 31 දෙනෙකු රුධිර කැටිගැසීම් තත්ත්වයන්ට ගොදුරු වීම හේතුවෙන් එන්නත පිළිබඳ තවදුරටත් අධ්‍යයනයන් ඔවුන් බලාපොරොත්තු වෙයි.