ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත්කරණය දිගටම කරගෙන යාම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (17දා) නිර්දේශ කළ අතර, එන්නතෙහි ප්රතිලාභ මේ අවස්ථාවේ දී එහි අවදානම ඉක්මවා යන බව අවධාරණය කර තිබේ.
සමහර යුරෝපා සංගම් රටවල් එන්නත ලබාගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ රුධිරය කැටි ගැසීමේ සංකූලතා පිළිබඳ හුදකලා සිද්ධීන් කිහිපයක් වාර්තා වීමෙන් පසුවය.
එමෙන්ම මෙම එන්නතෙහි සුරක්ෂිතතාව පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය උපදේශක කමිටුව එන්නත සඳහා ඇති නවතම දත්ත ඉතා අවධානයෙන් තක්සේරු කරමින් සිටින අතර, එහි සමාලෝචනය අවසන් වූ වහාම එම සොයා ගැනීම්ද ප්‍රසිද්ධ කරන බව පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය මාසයේදී හදිසි භාවිතය සඳහා ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත ලැයිස්තුගත කළ අතර එය සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත සාපේක්ෂව මිල එන්නත්කරණයක් සඳහා ප්‍රවේශය පුළුල් කළේය.