ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත සඳහා නිශ්චිත අවදානම් සාධක සොයාගෙන නොමැති බව යුරෝපා ඖෂධ ඒජන්සිය ඊයේ (31දා) ප්‍රකාශ කළේය.
එන්නත ලබාගැනීමෙන් පසුව ඇති වූ මෙම දුර්ලභ සිදුවීම් සඳහා වයස, ස්ත්‍රී පුරුෂභාවය හෝ රුධිර කැටි ගැසීමේ ආබාධ පිළිබඳ පෙර වෛද්‍ය ඉතිහාසයක් වැනි නිශ්චිත අවදානම් සාධක මේ වන විට සමාලෝචනයෙන් හඳුනාගෙන නොමැති බවත්, ඒවා එන්නත නිසා හේතු වූ බවට සම්බන්ධතාවයක් සනාථ වී නැති නමුත් තවදුරටත් විශ්ලේෂණ සිදුකරන බවත් එම ඒජන්සිය පවසයි.
යුරෝපා ඖෂධ ඒජන්සිය පෙන්වා දෙන්නේ ඔවුන් මාර්තු 18දා නිවේදනය කළ පරිදිම, වෛරසය ආසාදිතව රෝහල්ගත කිරීම හා මරණයට පත්වීමේ අවදානම සමග කොවිඩ්-19 වැළැක්වීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් ලැබෙන ප්රතිලාභ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ඉක්මවා යන බව ඔවුන්ගේ අදහස බවයි.