එන්නත්වල ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් කසකස්තානය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගැනීම සඳහා සිදුකළ සාකච්ඡාව අවසන් කර ඇති බව එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.
කසකස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා තිබුණේ ෆයිසර්, මොඩෙර්නා, සීනොවැක් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් ලබාගැනීමට කටයුතු කරන බවයි.
කසකස්තානය මේ වනවිට රුසියාවේ ස්පුට්නික්-වී එන්නත හඳුන්වා දී ඇති අතර, පෙබරවාරි 01දා එන්නත්කරණය ආරම්භ කරමින් එරට පුරවැසියන් 76,000කට මේ වනවිටත් එන්නත් ලබාදී තිබේ.